සිතුවිල්ලක් මෙසෙ ලියමි...

Saturday, March 14, 2015
ආසයි බලන් ඉන්න...
ඇති වන තුරු..
නමුත්..
කෙළවරක් නැති..
නිමක් නැති..
නුඹට ආදරේ..
ඇයිදැයි...
මටම නොතෙරේ..

ඈත බලන විට..
පෙනෙන තරමටම...
ළඟයැයි සිතුනත්...
ඉන්නේ දුරින් බව..
අඟවයි දෙනුවන්..

දැනෙන දුක..
කෙසේ වාවන්නද....
දුර යැයි නුඹ දැනෙන කළ..

මටම නොතෙරේ..
ඇයිදැයි...
මම අහසට....
ආදරේ.....
මට නොලැබුනත්...











පමා වුණෙමි..

Sunday, June 8, 2014
යන්න හදන හිත නවතා...
ඉන්න පතන..
කුමරා ඔබයි...
මගේ හදවතේ...

ඔබම සොයා ඇවිත්..
කියන දේ..
හදවත පිළිගන්න..
කැමතියි..

ඒත්..

පවසන්නේ..
කොහොමද..
වෙන අයෙකුට අයිති වෙලා..
යන්න හැදුව කෙනෙක් කියලා..

ආසයි...
කතා කරන්න...
හිනා වෙන්න..
කවුරු නැතත්..
ඔබ හිටියොත්...

ඒත්..

අද කෝ ඔබ..
දෑස රිදෙන තුරු බලා සිටියා..
ඔබ ඇවිත් ගියාද....??

මා එනතුරු 
සිටියාද....??
පමා වූයේ..
මම ද...???

නැවත කවදා...
හමු වේ දැයි....
මම නොදනිමි..

එතෙක්...

මම මග බලමි..
ඔබ මා සොයා එන තුරා..













ඔබත් මමත්... හුදෙකලා.. ආදරයක...

Saturday, May 31, 2014
මග බල බල හිටියට..
ඔබ නෑ ආවේ..
ඒත්..
නොසිතූ වෙලාවේ...
ආවේ..
මා සිත වෙනස් වු විටයි...
ගියත්..
පිට ගම්..
අදටත්..
සිත නුඹට තමයි...
දන්නේ..
එය..
මා පමණයි...
නමුත් මගේ..
දෙනෙත..
නුඹට ඉඟි කරයි..
සඟවමී..
කෙසේ හෝ...
මේ ආත්මයේ...
ඔබෙත් මගෙත් 
හුදෙකලා වූ ආදරය..
ප්‍රාර්ථනා කරමි..
කෙසේ හෝ...
වන්නට..
ප්‍රියාවිය ඔබගේ...
පසු ආත්මෙක..





මතකයට ආදරෙන්..

Sunday, May 25, 2014
අමතක කරන්න..
උත්සහ කරන නිසාම ද..
ඔයාව මතක් වෙන්නේ....??

එ නිසයි..
අමතක කරන්න..
උත්සහ කරන්නේ...

ඒත්..

මතකෙට ගන්න..
ඔනේ ම නෑ ඔයාව..
ඉන්නේ මගේ මතකෙමයි,
හැමදාම..

හුස්ම වැටෙන කොට...
ඇස් පියවෙනකොට..
කඳුලු ගලන කොට..
සිනහ නැගෙනකොට

දැනෙන්නේ..
හැඟෙන්නේ...
ඔබමයි..
මගේ..
ළඟම කියා...

ගියත් හැර දා
සිහිවෙනවා..
ඔබෙත් මගෙත්
මතකය...

සිහින් පොදේ..
කුඩේ යටින්..
මන්දාරම් අඳුරේ..
මීදුමට යටින්..
අත් අල්ලන්..
ඇවිද ගිය..
ඔබෙත් මගෙත්..
මතකයන්..

හැමදාමත්..

මගේ මතකයේ,
නොමියෙන මතකයන් බව..
අහසට මුසුවෙන මගේ සුසුම් වල,
හැමදාම..
සිනහවෙන් පිට කරන්නේ..





මතකයට කරමින් ආදරය..






දෙහදක් අමතයි..

Thursday, May 22, 2014
යන්න දෙනවද..
අල්ලන් සිටි අත, 
අත හැර....
සතුටින්ද ඔයා.. 
මම ගියොත්...
දුකක් නෑ කිව්වත්...
සතුටක් කිව්වත්...
මගේ වෙන්වීම..
මා,
මා හඳුනාගත්තේ..
ඔබ මා හඳුනා ගත් පසුවයි...
නොකියා ඉන්නේ...
කිසිවක්,
ඔබව මා හඳුනා ගත්තේදැයි..
මැන බලන්නද??
කියන්න කියන්න...
ළං වෙලා උන්නු ඔයා,
ටික මොහොතකටවත් ඈත් උනත්,
දැනෙන්නේ නෑ කෙල්ලේ දුකක්,
ඔයා මගේ පණ..
මගේ ජීවිතය..
මුකුත් නොකියා හිටියේ,
මගේ මැණිකව..
මට ඔනේ නිසයි..
මගේ රත්තරනේ...
දන්නවා..
ඔහොම ඇහුවත්,
ඔයාට බෑ මගෙන් ඈත් වෙන්න..
මොකද...
ඔයා මගේ...
හුස්ම පොදයි කෙල්ලේ...
ඔයා ගියොත් නෑ මේ ජිවිතේ..
ඔයා නැති ජිවිතේ..

හද ගැස්ම මේ අපේ..


ඇරඹුමක් සහ නැවතුමක්..

Sunday, May 18, 2014

ඇරඹුමක් සහ නැවතුමක්..  


හිතා ගන්න බෑ... කොහොමද මේක කියන්නේ කියලා... කොහෙන් ඇහුනත්... ඇහෙන්නේ මේ ටිකමයි.. මගෙ ඔලුව පුපුරන්න වගෙ...

"අර කෙල්ල හොඳ නෑ... පුලුවන් තරම් කොල්ලො එක්ක  නටල නටලා ආව මෙතන මගෙ කොල්ල අල්ල ගන්න... ම්හ්.. එවා කොහෙද මා එක්ක..."

ඒ සුදර්ශනගේ අම්මාගේ සද්දේ. හැමදාම මම ගෙදර එන වෙලාවට ඇහෙන වදන් පෙලකි.

මම අනුශ්කා. මිට අවූරුදු දහයකට කලින් මම මෙහෙ නවාතැනට ආවෙ නගරයේ ගාමන්ට් එකෙ රැකියාව සඳහා..

මට දැන් වයස අවුරුදු විසි හතකි.

මුලදි මුලදි මට මෙහෙන් හොදට සුදර්ශනගේ අම්මා එයාගෙම දරුවෙකුට වගෙ සැලකුවේ කියා ගන්න බැරි තරන් ආදරයකිනි. එ ගැන මම දැන් කල්පන කලාට පලක් නැත.

මේ සියල්ල මාගෙ දෛවයේ සරදමකි.

සුදර්ශන නීතීඥයෙකි. මා මෙහි නැවතිමට ආ මුල් කාලයෙදි නම් ටිකක් විතර අහංකාර තරුණයෙක් බව මගේ මතය විය. නමුත්....

මා අසරණ වුන විට මගේ කියා මට හිටියේ ඔහු පමණකි,   ඔහුම විතරකි..

...........................................................................................................

"අහ් හා.... අනු.. මෙන්න ඔයට චිට් එකක්..

ම්හ්.. මට චිට් එකක්..??

ඔව් ඔව් බන් මේ...

කෝ... කාගෙන්ද??

අනේ කියවහන්නකො මටත් ඇහෙන්න අනු...

හිටපන්කෝ... හදිසි නැතිව..."

"අනු.. මාව වැඩ අරුනම බස් හෝල්ට් එකෙදි මීට් වෙන්න.. මම රණුක "

"රණුක සර්... එයා මොකටද...??? මාව මුණගැහෙන්න ඔනේ කියන්නෙ...?? අහ්.. මධු.. ඇයි ඒ??"

"මට නම් හිතුනා.. උඹේ දවස් තුන හතරක් උඹ ආවෙ නැති වුණාම මගෙන් අහන කොටම... මොකක් හරි අවුලක් තමා කියලා..

මොනවා වුණත් පරිස්සමෙන් කෙල්ලෙ... දන්නවනේ.. එයගේ හැටි.."

ඒ මිට අවුරුදු පහකට කලින් මමත් මගේ හොඳම යාලුවා වුණ මධුගෙත් කතා බහකි.

............................................................................................................

කෙසේ හෝ මටවත් නොතේරීම රණුක මගේ ම වෙලා, අපි අපේම වෙලා හුඟක් සතුටින් ජිවිතේ ගෙව්වේ දහසක් බලාපොරොත්තු පොදි බදිමිණි.

කාලය මැව් වෙනසක්.... මේ ආදරයට බලාපොරොත්තු නොවුණ අමිහිරි කතන්දරය ඇරඹුණේ එක්තරා හිමිදිරි උදෑසනකදි ය.

රණුක වෙනදාට මාව ගන්න උදෑසන හත වන විට බෝ ගස් හන්දියේ බස් හොල්ට් එකට එන්නේ සුපුරුදු හිනාවත් සමගිනි. දැන් වේලාව උදෑසන අට පසු වී විනාඩි පහලොවකි. රණුගේ දුරකතනයට කිහිප විටක් ඇමතීමට උත්සහ කලද එය සාර්තක නොවී ය.

බස් හොල්ට් එකට ආව බසයේ නැගී කඳුලු සලමින් වැඩපොලට ගියේ මධුට මේ සියල්ල කියනවා කියන බලාපොරොත්තුවෙනි. වැඩපොලට ඇතුලුවන විටම මට මහත් අපහසුවක් දැනිණී. වෙනදට උජාරුවෙන් ඇවිත් බයිසිකලයෙන් බහිනාකාරය, රණු මාගේ හිස සිඹ පරිස්සමෙන් වස්තුවෙ යනු වෙන් ආදරෙන් පවසණ අයුරු කඳුලු සමග බොඳව යන්නට විය.

"මධු.. මධු.. අනේ බලන්න මධු.. රණු අද මාව ගන්න ආවේ නෑ නේ.. වැඩපොලේ හිටියා දැක්කද එයාව.. දැක්කද එයාව..??" මම හුස්ම නොගෙනම මධුගෙන් ඇසිමි.

"නෑ... නෑ.. කෙල්ලේ.. මම සර්ව දැක්කේ නෑ.. එත් ඊයේ මහ අමුතු දෙයක් දැක්කා.. කෝ ඉතින් උඹ මම කිව්ව දෙවල් අහුව ද..?? අහුව ද..??"

"අනේ මට බණ කියන්නේ නැතුව ඊයේ දැක්ක දේ කියන්නකෝ..."

"ඊයේ.. තරමක මැදි වයසේ ගැහැණු කෙනෙකුයි තරමක උස් මහත් වුණ ගැහැණු දරුවෙකුයි.. එයා එක්ක කතා කරනවා දැක්කා.. ඔයා කාර්ඩ් එක පන්ච් කරන්න ගිය වෙලේ.. ඇයි ඔයාට ඒ විස්තර කිව්වේ නැද්ද..??

කොමහරි ඔයා එලියට එනවත් එක්කමයි එ දෙන්නා යන්න ගියේ... "

"නෑ ... මට ඔය මොනවත් කිව්වේ නෑ.. හැබයි.. වෙනදට මා එක්ක ඉන්නවට වඩා වෙනස්...   ඊයේ හවස හිටියේ... මම වැඩිය ඇහුවෙත් නෑ ඉතින්.. එයා බොරුකාරයෙක් නෙවී මධු... එයා බොරුකාරයෙක් නෙවී මධු... එයා බොරුකාරයෙක් නෙවී මධු...

මට ඒ සමගව දරගත නොහැකි කම්මුල් පහරක වේදනාවක් කටට ලේ රසයකුත් දැනුනා මතකයක් ඇත.

............................................................................................................

"කොහොමද ඔයාට දැන්??"

"මම කොහෙද මේ ඉන්නෙ??"

"බය වෙන්නෙපා.. ඔයා දැන් ඉන්නේ මා එක්ක හොස්පිටල් එකේ.."

"සු.... ද...ර්...ශ.. න.. සු..ද..ර්..ශ..න ඔ..යා...? ඔයා ඇයි මා එක්ක... මට මොක්ද වුනේ?? "

"අනු.. කතා කරන්නෙපා.. ඔයාට මහන්සි වෙන්න හොද නෑ කෙල්ලේ... හිමිට ඔයාට මම විස්තර කියන්නම්.. අහ් ඔය එන්නේ මධුත්.. මෙන්න මධු මෙයාට සිහිය ඇවිත් සති දෙකකට පස්සෙ..."

"ස....ති දෙ..ක..ක්... අනේ ඇයි මට කවුරුත් මොනවත් කියන්නේ නැත්තේ..??

"එහෙනම් අපිට අද හවසට ගෙදර යන්න පුලුවන්.. මම ඩොක්ටට කතා කරලා එන්නම්..." එසේ කිව් සුදර්ශන අපි ළගින් පිටත් ව ගියේ ය.

"මධු.. මට මොක්ද වුනේ...??"

"ඔයාට මතකද එදා උදේ රණුක ඔයාව ගන්න අවේ නෑ කියලා මා එක්ක විස්තර කිය කිය ඉන්න කොට... ඔයට කම්මුල් පාරක් වැදුනා...මතකද..?? මතකද..?? "

"ඔවු..ඔවු.. මතකයි.. එත් එ කවුද.. ඊට පස්සේ මොකද වුනේ කියන්න මට මතක නෑ... "

"මතක නැති තරටමටම හොඳයි කෙල්ලෙ... ඔයා අහගෙන හිටියත් එවේලේ.. ඔයා විශ්වාස කලේ නෑ.. ඒ ආවේ,  රණුකගේ වයිෆ්, දරුවත් එක්ක.. එයගේ මිනිහගේ හොර ගෑණී කවුද බලන්න.. මතකද එ ගෑණී ඔයගේ බෙල්ලෙන් අල්ලන් තල්ලු කලා.. එදා දවසේ වැඩපොලේ වැඩ කලෙ නෑ කවුරුත්ම.. ඔයට වෙච්ච දේ ගැන කල්පන කර කර හිටිය මිසක....." මධු මේ දේවල් ඇඬු කඳුලින් කඳුලු පිසදමමින් මට කියා ගෙන කියාගෙන ගියා ය..

"මධු මම එයාව අවිශ්වාස කලේ ම නැ.. මගේ මුලු ජිවිතේම එයට පූජ කලා.. හැම..දෙයක්.. ම.. හැමදෙයක්ම... මධු.. මට එ දේවල් මැවිලා පේනවා මධු.. "

මම ඉකි ගසා හැඬිමට පටන්ගන්නවාත් සමගව දොස්තර සමග සුදර්ශන අප අසලට පැමිණිය හ.

"ම්හ්.... ඔයාට කොහොමද දැන්..?? අද ගෙදර යන්න පුලුවන් ඔයාට..  ඔන්න ටිකට් කැපුවා.." දොස්තර ඉතා කාරුණිකව කීය..

මම සිනා සුනා පමණි.  

රණුකගේ වයිෆ් මාව තල්ලු කල වෙලාවේ මාව අසල තිබුණු යකඩ කණුවේ ඔලුව වැදී සිහිසන් වීමෙන් අනතුරුව මධු වැඩපොලේ වාහනේ දාගෙන ඇවිත් තිබුණේ සුදර්ශනට ද පණිවිඩය ලබා දෙමිනි. මේ සියල්ල මධු මාව ගෙදර එක්කන් එන අතරතුරේ දීය. 

මම දැන් කල්පනා කරන්නේ සමාජයට මුහුණ දෙන්නේ කෙසේද කියා ය.  ප්‍රථම මුහුණ දීම සුදර්ශන ගේ මව යි. වාහනය ගෙමිදුලේ නැවැත්තුවා පමණී. මිදුලේ රෙදි වනමින් සිටි මව ගස්සාගෙන ගේ තුලට, හයියෙන් දොර වසාගෙන ගියා ය.

සුදර්ශන පිටුපස අසුනේ සිටි මා දිහා බලා සිනා සුනේ ඔවා ගනන්ගන්නෙපා කියන්නක් මෙනි.

මමත් රණුකත් බයිසිකලයෙන් ටවුමේ මහත් උජාරුවෙන් එහෙ මෙහෙ ගිය සැටි කිසි වෙකුටත් රහසක් නොවේ. නිවසට ගොඩ වෙන විට හිසේ වේදනාව දැනුනු නිසා මම ඔලුවට අත තබා ගතිමි. වෙලුම් පටි ගනනකින් හිස වෙලා තිබුණි. සිද්ද වූයේ කුමක්දැයි කල්පනා කිරිමට  සිතුනත් කිසිම දෙයක් සිතා ගැනීමට නොහැකිව ඔහේ බලා ගත් අත බලාගෙන සිටියෙමි. 

රණුක විශ්වාස කරන්න බැරි අයෙක් බව මධු කොපමණ මට ඒත්තු ගැන්වීමට හැදුවාද යන්න මට දැන් වැටහේ. නමුත් මම ආදරය කියා අන්ධ වී සිටි බව වැටහෙන විට මා සමගම ඇතිවන්නා වූ කෝපය මුසු කළකිරීම මෙතෙක් යැයි කීමට නොහැක. ඒ නිසාම මම මධු සමග අමනාප වී කතා නොකර සිටි දවස් ගනන් කල නොහැක.  නමුත්, ඒ සියල්ල අමතක කල මධු මේ ටික දවසට මගේ ලෙයින් උපන් සහෝදරියක් ලෙස මගේ උපකාරයට හිටියත් ඇයට මා හැර යන්න වූයේ ඇයගේ තාත්තා අසණීප වි ඇති නිසාවෙනි.

දැන් මට සිටින්නේ සුදර්ශන පමණි. ඔහුගේ අම්මා මාව මෙහෙන් යවන්න කොපමණ උත්සහ කලත් සුදර්ශන ඊට මැදිහත් ව මා මෙහෙ සිටියට ප්‍රශ්නයක් නැතයි කියා ඔහුගේ අම්මා සමගව තර්ක කරන සැටි මාගේ සිතට ඔහු පිළිඹඳව ගෞරවය මුසු යම් හැගීමක් මසිතේ ඇති කරවයි. 

............................................................................................................

"මම  රණුක ගේ වයිෆ්ට විරුද්ධව නඩුවක් ෆයිල් කලා.. ඔයා එයාගේ ජිවිතේ වුවමනාවෙන් විනාස කලෙ නෑ නේ.. ඔහොම අත පිහිද ගෙන ඉන්න එපා.. රණුක ආ ගිය අතක් නෑ ලු.. තව කොහෙ හරි කෙල්ලෙක්ව දැලේ දාගෙන ඇති.. පර බල්ලෙක් ඕකා, මම කොහොම හරි ඕකාව හොයා ගන්නවාමයි..."

දිනක් හවස තේ කොප්පේ ගෙනත් දෙන ගමන් සුදර්ශන මා සමග පැවසීය.

"මම ඒවා හිතන්නේ නෑ.. මට ඒවා ඔනෙත් නෑ.." මම හැඬීමට සුදානමෙන් ඔහුට කිවෙමි. 

"හිතන්නේ නැතිනම් මොකද අඬන්නේ..?? එහෙම හිතන්නෙපා.. මම ඔයා ළග හැමදාටම ඉන්නවා අනු.."

"ඔයා මා එක්ක හැමදාම ඉන්නවා...?? මම වගේ කාලකන්නී කෙල්ලෙක් ව ඔයා ගේ කරගන්නෙපා..  මට එක ගෙවලා ඉවර කරගන්න බැරි පාපයක් වෙයි රත්තරනේ.."

"එහෙම නෑ.. මම ඔයාව අත අරින්නේ නෑ කෙල්ලෙ.. " කියමින් ඔහු මට හුස්ම ගන්නවත් ඉඩක් නොතබා මාව ඔහුගේ බාහුවේ රඳවා ගත්තේ ය. 

"ඔයා මෙහෙට නවතින්න ආව දවසේ ඉදන්මයි ඔයා ගැන මගේ සිත තිබ්බේ කෙල්ලෙ.. මට කියා ගන්න බැරුව ලත වෙන කොට තමා මම ඔයාව අර රණුකයා එක්ක බයික් එකෙ ඇවිත් රෑක මෙතන බහිනවා දැක්කේ.. මට එවලේ ඔයාට මොනවත් කියා ගන්න බැරුව.. ගොඩාක් දුක් වින්ඳා."

හුස්ම නොගෙන ඔහු එක දිගට කියා ගෙන ගියේ මගේ ඇස් දෙකෙත් කඳුලු අලුත් කරමිනි. 

"ඒකද   ඔයා ගෙදර නෑවිත් හිටියේ... මාස ගානක්...?? අම්මා මා එක්ක හිත හොඳ දවස් වල කිය කිය ඇඬුව... එතකොට අම්මා?"

එයා ලොකු අයියාලාගේ ගෙදර යන්වා කිව්වා. මට ඔනෙම දෙයක් කරගන්න කිව්වා.."

කවුලුවෙන් ඈත පාර දෙස බලන් හුස්මක් හෙලමින් ඔහු කීවේ ය.

............................................................................................................

දහසක් බලාපොරොත්තු උදා වෙන හෙට දවසට තබමින් මම නින්දට ගියෙමි. හෙට මගෙත් සුදර්ශනගෙත් විවාහය සිදුවෙන දවසයි. 

මධුත් ඇයගේ සැමියා, සුරවීරත් අප දෙදෙනා ගේ සාක්ෂිකරුවන් ලෙස අත්සන් කරණු ඇත.

ඔබත්.. මමත්..


උදා වේවිද...
සතුට..
කිසි දිනක...
ලබා නොමැති...
නැතිවේවිද...
දුක...
හැමදා...
ලබා ඇති...

ඔබ මා සොයා..

Friday, January 31, 2014
සදාදරණීය ඔබ වෙත ආදරයෙන් ලියමි..

ආවේ මා සොයා
ඔබ විසිනි...
ඉතින්
කොහොමද,
මා ඔබ අත හැර යන්නේ...
නැතිද ඔබ හට වැටහෙන්නේ???

මා විසින් ඔබ සොයා ආවේ නම්..
මා ඔබ අත හැර යනු නියතයකි...
නමුත්,

ඔබ මා වෙත පැමිණී නිසා...
නොයමි මා ඔබ හැරදා...
කිසිදා...
මගේ හුස්ම වැටෙන තුරා...
ඔබත් මමත්