ඇරඹුමක් සහ නැවතුමක්..
හිතා ගන්න බෑ... කොහොමද මේක කියන්නේ කියලා... කොහෙන් ඇහුනත්... ඇහෙන්නේ මේ ටිකමයි.. මගෙ ඔලුව පුපුරන්න වගෙ...
"අර කෙල්ල හොඳ නෑ... පුලුවන් තරම් කොල්ලො එක්ක නටල නටලා ආව මෙතන මගෙ කොල්ල අල්ල ගන්න... ම්හ්.. එවා කොහෙද මා එක්ක..."
ඒ සුදර්ශනගේ අම්මාගේ සද්දේ. හැමදාම මම ගෙදර එන වෙලාවට ඇහෙන වදන් පෙලකි.
මම අනුශ්කා. මිට අවූරුදු දහයකට කලින් මම මෙහෙ නවාතැනට ආවෙ නගරයේ ගාමන්ට් එකෙ රැකියාව සඳහා..
මට දැන් වයස අවුරුදු විසි හතකි.
මුලදි මුලදි මට මෙහෙන් හොදට සුදර්ශනගේ අම්මා එයාගෙම දරුවෙකුට වගෙ සැලකුවේ කියා ගන්න බැරි තරන් ආදරයකිනි. එ ගැන මම දැන් කල්පන කලාට පලක් නැත.
මේ සියල්ල මාගෙ දෛවයේ සරදමකි.
සුදර්ශන නීතීඥයෙකි. මා මෙහි නැවතිමට ආ මුල් කාලයෙදි නම් ටිකක් විතර අහංකාර තරුණයෙක් බව මගේ මතය විය. නමුත්....
මා අසරණ වුන විට මගේ කියා මට හිටියේ ඔහු පමණකි, ඔහුම විතරකි..
...........................................................................................................
"අහ් හා.... අනු.. මෙන්න ඔයට චිට් එකක්..
ම්හ්.. මට චිට් එකක්..??
ඔව් ඔව් බන් මේ...
කෝ... කාගෙන්ද??
අනේ කියවහන්නකො මටත් ඇහෙන්න අනු...
හිටපන්කෝ... හදිසි නැතිව..."
"අනු.. මාව වැඩ අරුනම බස් හෝල්ට් එකෙදි මීට් වෙන්න.. මම රණුක "
"රණුක සර්... එයා මොකටද...??? මාව මුණගැහෙන්න ඔනේ කියන්නෙ...?? අහ්.. මධු.. ඇයි ඒ??"
"මට නම් හිතුනා.. උඹේ දවස් තුන හතරක් උඹ ආවෙ නැති වුණාම මගෙන් අහන කොටම... මොකක් හරි අවුලක් තමා කියලා..
මොනවා වුණත් පරිස්සමෙන් කෙල්ලෙ... දන්නවනේ.. එයගේ හැටි.."
ඒ මිට අවුරුදු පහකට කලින් මමත් මගේ හොඳම යාලුවා වුණ මධුගෙත් කතා බහකි.
............................................................................................................
කෙසේ හෝ මටවත් නොතේරීම රණුක මගේ ම වෙලා, අපි අපේම වෙලා හුඟක් සතුටින් ජිවිතේ ගෙව්වේ දහසක් බලාපොරොත්තු පොදි බදිමිණි.
කාලය මැව් වෙනසක්.... මේ ආදරයට බලාපොරොත්තු නොවුණ අමිහිරි කතන්දරය ඇරඹුණේ එක්තරා හිමිදිරි උදෑසනකදි ය.
රණුක වෙනදාට මාව ගන්න උදෑසන හත වන විට බෝ ගස් හන්දියේ බස් හොල්ට් එකට එන්නේ සුපුරුදු හිනාවත් සමගිනි. දැන් වේලාව උදෑසන අට පසු වී විනාඩි පහලොවකි. රණුගේ දුරකතනයට කිහිප විටක් ඇමතීමට උත්සහ කලද එය සාර්තක නොවී ය.
බස් හොල්ට් එකට ආව බසයේ නැගී කඳුලු සලමින් වැඩපොලට ගියේ මධුට මේ සියල්ල කියනවා කියන බලාපොරොත්තුවෙනි. වැඩපොලට ඇතුලුවන විටම මට මහත් අපහසුවක් දැනිණී. වෙනදට උජාරුවෙන් ඇවිත් බයිසිකලයෙන් බහිනාකාරය, රණු මාගේ හිස සිඹ පරිස්සමෙන් වස්තුවෙ යනු වෙන් ආදරෙන් පවසණ අයුරු කඳුලු සමග බොඳව යන්නට විය.
"මධු.. මධු.. අනේ බලන්න මධු.. රණු අද මාව ගන්න ආවේ නෑ නේ.. වැඩපොලේ හිටියා දැක්කද එයාව.. දැක්කද එයාව..??" මම හුස්ම නොගෙනම මධුගෙන් ඇසිමි.
"නෑ... නෑ.. කෙල්ලේ.. මම සර්ව දැක්කේ නෑ.. එත් ඊයේ මහ අමුතු දෙයක් දැක්කා.. කෝ ඉතින් උඹ මම කිව්ව දෙවල් අහුව ද..?? අහුව ද..??"
"අනේ මට බණ කියන්නේ නැතුව ඊයේ දැක්ක දේ කියන්නකෝ..."
"ඊයේ.. තරමක මැදි වයසේ ගැහැණු කෙනෙකුයි තරමක උස් මහත් වුණ ගැහැණු දරුවෙකුයි.. එයා එක්ක කතා කරනවා දැක්කා.. ඔයා කාර්ඩ් එක පන්ච් කරන්න ගිය වෙලේ.. ඇයි ඔයාට ඒ විස්තර කිව්වේ නැද්ද..??
කොමහරි ඔයා එලියට එනවත් එක්කමයි එ දෙන්නා යන්න ගියේ... "
"නෑ ... මට ඔය මොනවත් කිව්වේ නෑ.. හැබයි.. වෙනදට මා එක්ක ඉන්නවට වඩා වෙනස්... ඊයේ හවස හිටියේ... මම වැඩිය ඇහුවෙත් නෑ ඉතින්.. එයා බොරුකාරයෙක් නෙවී මධු... එයා බොරුකාරයෙක් නෙවී මධු... එයා බොරුකාරයෙක් නෙවී මධු...
මට ඒ සමගව දරගත නොහැකි කම්මුල් පහරක වේදනාවක් කටට ලේ රසයකුත් දැනුනා මතකයක් ඇත.
............................................................................................................
"කොහොමද ඔයාට දැන්??"
"මම කොහෙද මේ ඉන්නෙ??"
"බය වෙන්නෙපා.. ඔයා දැන් ඉන්නේ මා එක්ක හොස්පිටල් එකේ.."
"සු.... ද...ර්...ශ.. න.. සු..ද..ර්..ශ..න ඔ..යා...? ඔයා ඇයි මා එක්ක... මට මොක්ද වුනේ?? "
"අනු.. කතා කරන්නෙපා.. ඔයාට මහන්සි වෙන්න හොද නෑ කෙල්ලේ... හිමිට ඔයාට මම විස්තර කියන්නම්.. අහ් ඔය එන්නේ මධුත්.. මෙන්න මධු මෙයාට සිහිය ඇවිත් සති දෙකකට පස්සෙ..."
"ස....ති දෙ..ක..ක්... අනේ ඇයි මට කවුරුත් මොනවත් කියන්නේ නැත්තේ..??
"එහෙනම් අපිට අද හවසට ගෙදර යන්න පුලුවන්.. මම ඩොක්ටට කතා කරලා එන්නම්..." එසේ කිව් සුදර්ශන අපි ළගින් පිටත් ව ගියේ ය.
"මධු.. මට මොක්ද වුනේ...??"
"ඔයාට මතකද එදා උදේ රණුක ඔයාව ගන්න අවේ නෑ කියලා මා එක්ක විස්තර කිය කිය ඉන්න කොට... ඔයට කම්මුල් පාරක් වැදුනා...මතකද..?? මතකද..?? "
"ඔවු..ඔවු.. මතකයි.. එත් එ කවුද.. ඊට පස්සේ මොකද වුනේ කියන්න මට මතක නෑ... "
"මතක නැති තරටමටම හොඳයි කෙල්ලෙ... ඔයා අහගෙන හිටියත් එවේලේ.. ඔයා විශ්වාස කලේ නෑ.. ඒ ආවේ, රණුකගේ වයිෆ්, දරුවත් එක්ක.. එයගේ මිනිහගේ හොර ගෑණී කවුද බලන්න.. මතකද එ ගෑණී ඔයගේ බෙල්ලෙන් අල්ලන් තල්ලු කලා.. එදා දවසේ වැඩපොලේ වැඩ කලෙ නෑ කවුරුත්ම.. ඔයට වෙච්ච දේ ගැන කල්පන කර කර හිටිය මිසක....." මධු මේ දේවල් ඇඬු කඳුලින් කඳුලු පිසදමමින් මට කියා ගෙන කියාගෙන ගියා ය..
"මධු මම එයාව අවිශ්වාස කලේ ම නැ.. මගේ මුලු ජිවිතේම එයට පූජ කලා.. හැම..දෙයක්.. ම.. හැමදෙයක්ම... මධු.. මට එ දේවල් මැවිලා පේනවා මධු.. "
මම ඉකි ගසා හැඬිමට පටන්ගන්නවාත් සමගව දොස්තර සමග සුදර්ශන අප අසලට පැමිණිය හ.
"ම්හ්.... ඔයාට කොහොමද දැන්..?? අද ගෙදර යන්න පුලුවන් ඔයාට.. ඔන්න ටිකට් කැපුවා.." දොස්තර ඉතා කාරුණිකව කීය..
මම සිනා සුනා පමණි.
![]() |
ඔබත්.. මමත්.. |
මේ මතක් වෙලා තියෙන්න බ්ලොග් එකක් තියෙන බවවත්.. ලස්සනයි කතාව.. ඉඩ තියෙන වෙලාවට ආයෙම ලියන්න ගමු...