අකුරු සහ වචන හතරකි.... ජීවිතය

Wednesday, June 13, 2012


  1. ඉපදීම
  2. ආදරය
  3. විවාහය
  4. මරණය
  5. ජීවිතය


මදක් මේ වචන දිහා වුවමනාවකින් බලන්න. අකුරු හතරේ වචන පහක්. පළවෙනි වචන හතරේ එකතුවෙන් අවසාන වචනය හැදෙන්නේ. ඉතින් පොඩි වෙලාවක් අරන් කල්පනා කලොත් මේ වචන පහ නිසා කොච්චර දුකක් අපේ හදවතට දැනෙනවා ඇතිද...?යන්න ඔබට පසක් වනු නියතයි.


 බුදු දහමට අනුව ඉපදීම කියන්නේ දුක් කන්දරාවක උපත. ඒ දුක් වසන් කරගෙන...සීනි බෝල ජිවිතේක සැපයි සැපයි කියල ජීවත් වෙනවා. එහෙම නේද..?


 ආදරය ලෝකේ තියෙන්න මිහිරිම වචනය ලෙස හැමෝම හැඳින්වුවත්.. මම  කැමතියි ආදරේ කියන වචනෙට වෙනම අරුතක් දෙන්න. මං දන්නේ නෑ කී දෙනෙක් මගේ මතයට එකතු වෙයිද කියන්න.. ආදරේ කෙටියෙන්ම කිව්වොත් තියෙන්නේ වචන දෙකයි. එකක් දුක. අනික වේදනාව. හරියටම ආදරෙ කල කෙනෙක්ට ජිවිතේ දි ලැබෙන්නේ දුකත් වේදනාවත් විතරයි. පළමු ප්‍රේමය සාර්ථක වූවෝ ගණන් හැදුවොත් අතේ ඇඟිලි ගානටවත් හොයා ගන්න බැරි වේවි. අනෙක් සියල්ලන්ම තමන්ගේ ප්‍රථම ආදරය නිසාවෙන් දුකත් වේදනාවත් දරණ 99.99%ට අයත්.


 විවාහය සාර්ථක වීම රඳා පවතින්නේ දෙදෙනා තුල පවතින අවබෝධය නිසාවෙනි. පළමු පෙමෙන් දුකට පත් වූවකු තමන්ට විවාහයට ලැබෙන අයව තේරුම් ගත්තත් නිසි අවධනය දීමට නොහැකිව ලතවෙන පිරිස ගණන් හැදිය හැකිදැයි මොහොතකට සිතන්න.(අත්දැකීමක් නොමැති නිසාවෙන් වැඩි දුර විස්තර කිරීමට නොයමි.) 


මරණය ඇසිමටවත් අකමැති වචනයකි, මෙය අපේ බොහෝ දෙනා. නමුත් අනිවාර්යෙන් මුහුණ දිය යුතු... වැළැක්විය නොහැකි මෙය අපේ ජිවිත වලට ඇති කරන බලපෑම කොපමණද කියන්න අනවශ්‍යයි කියා සිතෙන්නේ මෙම ලිපිය කියවන ඕනෑම අයෙක් මෙම අවස්ථාවට මුහුණ දී ඇති නිසාවෙනි. 


ජීවිතය යනු ඉහත සඳහන් කල සියල්ලේම ප්‍රතිඵලයයි. එක් වරක් හෝ ජීවිතයට දරා ගතනොහැකි දුකක් ඇතිවුවහොත් අපිට ජීවිතෙම එපා වී යන්නේ කාගෙවත් බලපෑමක් නිසා නොව... ඒ දුක අපිට දර ගත නොහැකි නිසා බව  මගේ මතයයි.



ඉපදීමට අකුරු හතරකි.
ආදරයට අකුරු හතරකි.
විවාහයට අකුරු හතරකි.
මරණයට අකුරු හතරකි.
ජීවිතයට ද අකුරු හතරකි.


විෂේශයි: මෙම ලිපිය දිහා බැලිය හැකි කෝණ බොහොමයක්වේ. මෙය මාගේ සිතට දැනුනු සිතිවිලි ගොණු කිරිමක් පමණි. 


මිතුරුදමත් ආදරෙන්.. ආදරයත් ආදරෙන්..

Friday, June 8, 2012

හැකිද විමසන්න
මිතුරුදම ගැන
ලොවේ සිටිනා..
කා ගෙන් හෝ...?


නොහැක පවසන්න
මිතුරුදමේ සීමාවන්..
ලොවේ සිටිනා..
කිසිවෙකුට...


කෙනෙකු සිටිනම්
දකින සීමාවන්
ලොවේ පවතින මිතුදමේ..

සදාකාලික
තනිකඩෙක් වෙයි..
කිසිවෙකුත් නැති
දිවි මංසලේ... 

මිතුරුදමවත්
ඉතුරු නොවෙවි
පෙරලුනොත් එය
ආදරේ ලෙස...

නමුත්...

ද්විපාර්ශික වේ නම්...
ඒ බව
හැකිය ආදරයවත්
ගන්න රඳවා
හිත නොරිද්ද ගෙන..

හැකිනම්
පිලිගන්න...
ඔබේ මිතුදම
ආදරේ ලෙස
නොපමාව
රැක ගන්න
මිතුදමත් ආදරෙන්
ආදරෙත් ආදරෙන්

නොහැකිනම්
පිලිගන්න...
ඔබේ මිතුදම
ආදරේ ලෙස
නොපමාව
පවසන්න
රැක ගන්න
මිතුදමත් ආදරෙන්
ජිවිතෙත් ආදරෙන්










හිමි කර ගැනිමද.....? අහිමි කරගැනිමද....?

Tuesday, June 5, 2012

අපිට අපේ ජිවිතේ වටිනාම දේවල් ගොඩක් තියෙනවා.... එහෙම නේද? පොඩි කාලෙදි ඉස්කෝලේ යන්න බෑ කියල අඬන අපි.... 10,11,12 සහ 13 පන්ති වලදි කොච්චර ආසාවෙන්ද ඉස්කෝලේ යන්නේ?...


ඒ වගෙමයි.... ටිකක් ලොකු වෙලා වයස 20, 22 වෙන කොට අපිට තෝර ගන්න වෙන ලොකුම දේ නිසා තවත් වටිනා දේවල් කොච්චර මග ඇරෙනවද කියල කල්පනා කලාම....


ආදරේදි අපිට හිත යන්න කෙනාටම අපේ දෙමව්පියන්ගෙත් හිත යනව නම්...


අපේ දෙමව්පියන් අපේ හොඳට කියලා තෝරලා දෙන කෙනාට අපේ කැමැත්ත ඇති වෙනවානම්....


ඔන්න ඔය ප්‍රශ්නේදි අපි කවුරුත් අසරණ වෙනවා...


ජිවිතේ... අපි තේරුම් ගන්න කොට ගොඩක් දෙවල් නිසා අපිට ජිවිතේ පසුතැවිමක් විතරක් ඉතිරි වුනොත්....




"එතනින් එහාට ගන්න හදන, ගත්තු තිරණ කවදාවත් අත හරින්නෙපා..."


"තමන්ගේ හිතේ ශක්තිය වෙනදටත් වැඩියෙන් ඇති කරගන්නෝනේ..."


"තමන්ගේ ආගම සිහිකරන්න."




මේ හැම දේම වෙන්නේ අපේ වටිනම තරුණ කාලයේදි කියන කාරණාව ඔයාලත් පිලිගනිවි කියල මම හිතනවා.


කැපවිමක් කරලා..... ජිවත් වෙනවද? මුරණ්ඩු වී.... එදවසට අතීතය අමතක කර ජිවත්වෙනවද?



"ලැබෙන දේට වඩා
නොලැබෙන දේ වැඩිය...
සිතන දේට වඩා
නොසිතන දේ වැඩිය..
සිනහවට වඩා
කඳුල වැඩිය...
සතුටට වඩා
දුක වැඩිය...
ආලෝකයට වඩා
අඳුරට වැඩිය..."


ඉතිං... හැකි පමණ අපි අපේ ජිවිත.... ප්‍රේහෙලිකාවන්ගෙන් තොරව ජිවත් කිරිමට වෙරදරමු.


විශේෂයි: 2නි පොස්ට් එකට ක්මෙන්ට්ස් දැම්ම හැම කෙනෙක්ටම ස්තුතියි! ඒ පොස්ට් නිසා මගේ බ්ලොග් එක වෙනස් වුනා... හිතුවට වැඩිය අහස ලස්සන වුනා. ස්තුතියි යාළුවනේ!







ජීවිතය

Wednesday, May 30, 2012



ජීවිතය,
විටෙක...
ගලා යන ගඟකි.
තැනිතලා ඇත.
වංගු ඇත.
ජීවිතය
විටෙක...
සුලඟක් වැනිය.
‍යන්නෙ කොහාටද අපි ද නොදනිමු.
ජීවිතය
විටෙක...
අරුත් බර කවියකි.
අරුත් නොමැති කවියකි.
තෙරුම සිතා ගත නොහැකි කවියකි.
ජීවිතය...
අපි තේරුම් ගත යුතුද?
අපිට තේරුම් කල යුතුද?




මෙය මාගේ දෙවන ඉදිරිපත් කිරිමයි. ඔබගේ අදහස් මට වඩාත් ප්‍රයෝජනවත් වන බව ඉතා සතුටින් දැනුම් දෙමි.








තරුවක් හැර ගියා

Wednesday, May 23, 2012

ජිවිතයේ ඇති කරගත් ප්‍රශ්න එක්ක මා ජිවත් වෙනවා කියා සිතිමද පුදුමය. වෙදනාවෙන් සිටිය කාලයට වඩා සතුටින් සිටීමට  මම සිතුවෙමී. ඒ නිසාවෙන්නම මම අද ඔහු මුන ගැසිමට පන්සලට ආවෙමී.

"චානක..." මම කතා කලෙමි. නමුත් මා ඊට ටික වේලාවකට පෙර සිතුවේ මෙය පටන් ගන්නේ කෙසේද යන්නයි.


"සඳු" ඔහුද මා අමතුවේය.


"ඉතින්...... මොනවද හිතට දනෙන්නේ?.... හිතට සහල්ලුද?" චානක මගෙන් අසුවේය.



"ම්...ම්... ටිකක් විතර..." මම කීවෙමි.


"ඇයි මගෙන් ඈත් වෙන්න හැදුවෙ මගෙ කෙල්ලේ? මගෙන් වරදක් උනා ද?" ඔහු මගෙන් අසුවේය.

මේ ඔහු කතා කරන විධියයි. මගේ හිත ඔහුගෙන් ඈතට නොයන්නට හේතුවද ඔහුගෙ කතා ශෛලිය නිසවෙනි. නමුත් මා ගැන ඔහුට කියන්නෙ කෙසෙද යන්න මම තවම සිතමි. ඔහු දිගටම කතා කරගෙන ගොස් මා දෙස එක දිගට කොපමන වේලාවක් බලා සිටියද කියන්නත් මා නොදනිමි.මගේ ඇස් වලින් ගල ගිය කදුලු බිඳු මගෙ අත්ලට වැටුනු පසු මා පියවි සිහියට පැමිනියෙමි.


"ඇයි සඳු? මටවත් ඔයගේ වේදනව කියන්න අකමැති ඇයි? මම ඔයගේ කවුරුවත් නෙවෙයි ද?"



"අර බලන්න චානක අය්යා අහසේ තියෙන තරු..... එත් ඒවාට තනි තරු කියන්නෙ ඇයි? ම්... කියන්න බලන්න." මගෙ කතාව වෙනස් කිරිමට මෙන් ඔහුගෙන් ඇසුවෙමි. නමුත් කියන්න හදන්නෙත් මගේ ම කතාව බව දන්නෙ මම ම පමනි.


"අනේ සඳු........! ඔවා මම දන්නේ නැ... මම ඇහුව දේට උත්තර දෙන්න." ඔහු සැරෙන් මෙන් මගෙන් අසුවේය.



මට ඇඩුණි. කතා කර ගැනිමට නොහැකි වූ මා පන්සලෙන් පිටතට වේගයෙන් දිව ආවෙමි.




"ඔහොම ඉන්න.... ඔහොම ඉන්න.... දුවන්නෙපා සඳු" ඔහු වේගයෙන් දිව ඇවිත් මාව ඔහුගේ තුරුලට ඇද ගත්තේය. මට ඉන් මිදිමට වුනේ ද නැත. මිදිමට උත්සහ ගත්තෙද නැත.


"අනේ මට සමවෙන්න." මට කියගත හකි වුයේ එපමනකි. මා සිහි නැතිව ඇද වැටුනෙමි.


සිහිය එන විට මා සිටියෙ නිවසෙහිය. වුනු කිසි දෙයක් මතක් නොවුනු නිසා එ ගන මගෙ අතින් අල්ලන් සිටි චානක අය්යාගෙන් ඇසිමට උත්සහ ගත්දි කවුරුන් හෝ ඔහුට ඉස්තෝප්පුවට අඬ ගැසුවේය.


"අම්මේ.....අම්මේ...." මද වේලාවකින් මම අම්මාට අඬ ගැසුවෙමි.


"ඇයි මගෙ දුවේ.... ඇයි?" හිස අතගාමින් අම්මා අසුවාය.


මට හකිවුයේ ඉකි ගසා හැඬීම පමනි. ඒ සමගින් අම්මා ද හැඬුවාය. කිව යුත්තේ කුමක්ද? කලයුත්තෙ කුමක්ද යන්න කිසිවෙකුට සිතාගත නොහැකි මෙවන් අවස්ථාවක් මගෙ ජිවිතේදී හමු නොවිණී.


සිතුවෙ සතුටින් මගෙ චානක සමග ජිවත් විමටයි. නමුත්......සිදුවුයේ ජිවිතයෙන් සමුගන්නටයි.


කිසිදු කම්පනයක් ලබා නොගන්නයි කිය රෝහලෙන් පිටව එද්දි දොස්තර කියූ බව දන් මට මතක් වෙද්දී මා ජිවිතෙන් සමුගෙන යන්නට සූදනම් වී අවසන්ය.


එසේ එය වන්නට අත්තේ කෙසෙදැයි මට කෙනෙක්ගෙන් ඇසිමට වුවමනා උවත් කතා කර ගැනිමට මට නොහැකි විය.


අම්මා, මගේ චානක, මගේ පවුල අත හැර යාමට සිදු වී ඇති බව තෙරුම් ගියේ නිවසට පැමිනි දොස්තර ඇය කැමති දෙයක් ඇතිනම් ලබදෙන්න යනුවෙන් පවසමින් නිවසින් පිටවී යාමත් සමගය.




මේ වනවිට අම්මා චානකට සියලු දේම කිව අති බව දනුනෙ... ඔහු මා දෙස බල සිටි අයුරෙනි. මා තනි කර යන්නෙපා කියා ඔහුගෙ ඇස් දෙක ඔහු වෙනුවෙන් අයදී.


නමුත් එ බොඳ වුනු ඇස් අතරින් මට මගේ නැති උන තාත්තා ඇවිත් කත කරන බව පෙනේ.
හෘද රෝගය ගැන දැන ගෙන මාස 10කි. චානකට බොරුවක් කියා කොළඹ ආ හැටි සිහිනෙන් වගේ පෙනේ. මාස9ක් රෝහල් ගතව පැමිණ නිවසෙහි ජිවත් වුයේ සති 2කි. චානකගෙන් ඈතට යන්නට නොහැකිව හා මගේ අසනීපය ගැන කිසිවක් කිය ගත නොහැකිව මගේ සිතෙහි වු දුක මාගේ මරනයට හේතු වීමම පුදුමය. නැතිනම් ඇත්තටම අසනීපය නිසා මා මිය යන්නේ ද යන්න මගේ සිත විමසයි.


වේලව රාත්‍රී 10.45 බව ගුවන්විදුලිය පවසද්දී සියල්ලෝම මා වටා එක් රැස් විය.


හුස්ම ගැනීමට අපහසු වේගෙන එන බව මට දැනෙන විටම මගේ අම්මා මාව තුරුල් කර ගත්තාය.


"අනේ මට සමා.....වෙන්න.. " යන්තමින් කොඳුරා ගන්නට මට පුලුවන් විය. ඒ සැනෙකින් වාගෙම මා ජිවිතය අත හැර ගියෙමී.  


"පවසද්දි කොඳුරමින් පෙම් වදන්
හිඳ වෙල්තලා වේ.....
නොසිතුවෙමි...
හැර යන්න...
මේ දිවි තලාවේ...
                     සිදු වුවත් වෙන් වන්න
                   ඔබේ සෙනෙහසින්...   නොයමි කිසිදාක... 
                   හැරදමා...   මගේ සිතින්...