අකුරු සහ වචන හතරකි.... ජීවිතය

Wednesday, June 13, 2012


  1. ඉපදීම
  2. ආදරය
  3. විවාහය
  4. මරණය
  5. ජීවිතය


මදක් මේ වචන දිහා වුවමනාවකින් බලන්න. අකුරු හතරේ වචන පහක්. පළවෙනි වචන හතරේ එකතුවෙන් අවසාන වචනය හැදෙන්නේ. ඉතින් පොඩි වෙලාවක් අරන් කල්පනා කලොත් මේ වචන පහ නිසා කොච්චර දුකක් අපේ හදවතට දැනෙනවා ඇතිද...?යන්න ඔබට පසක් වනු නියතයි.


 බුදු දහමට අනුව ඉපදීම කියන්නේ දුක් කන්දරාවක උපත. ඒ දුක් වසන් කරගෙන...සීනි බෝල ජිවිතේක සැපයි සැපයි කියල ජීවත් වෙනවා. එහෙම නේද..?


 ආදරය ලෝකේ තියෙන්න මිහිරිම වචනය ලෙස හැමෝම හැඳින්වුවත්.. මම  කැමතියි ආදරේ කියන වචනෙට වෙනම අරුතක් දෙන්න. මං දන්නේ නෑ කී දෙනෙක් මගේ මතයට එකතු වෙයිද කියන්න.. ආදරේ කෙටියෙන්ම කිව්වොත් තියෙන්නේ වචන දෙකයි. එකක් දුක. අනික වේදනාව. හරියටම ආදරෙ කල කෙනෙක්ට ජිවිතේ දි ලැබෙන්නේ දුකත් වේදනාවත් විතරයි. පළමු ප්‍රේමය සාර්ථක වූවෝ ගණන් හැදුවොත් අතේ ඇඟිලි ගානටවත් හොයා ගන්න බැරි වේවි. අනෙක් සියල්ලන්ම තමන්ගේ ප්‍රථම ආදරය නිසාවෙන් දුකත් වේදනාවත් දරණ 99.99%ට අයත්.


 විවාහය සාර්ථක වීම රඳා පවතින්නේ දෙදෙනා තුල පවතින අවබෝධය නිසාවෙනි. පළමු පෙමෙන් දුකට පත් වූවකු තමන්ට විවාහයට ලැබෙන අයව තේරුම් ගත්තත් නිසි අවධනය දීමට නොහැකිව ලතවෙන පිරිස ගණන් හැදිය හැකිදැයි මොහොතකට සිතන්න.(අත්දැකීමක් නොමැති නිසාවෙන් වැඩි දුර විස්තර කිරීමට නොයමි.) 


මරණය ඇසිමටවත් අකමැති වචනයකි, මෙය අපේ බොහෝ දෙනා. නමුත් අනිවාර්යෙන් මුහුණ දිය යුතු... වැළැක්විය නොහැකි මෙය අපේ ජිවිත වලට ඇති කරන බලපෑම කොපමණද කියන්න අනවශ්‍යයි කියා සිතෙන්නේ මෙම ලිපිය කියවන ඕනෑම අයෙක් මෙම අවස්ථාවට මුහුණ දී ඇති නිසාවෙනි. 


ජීවිතය යනු ඉහත සඳහන් කල සියල්ලේම ප්‍රතිඵලයයි. එක් වරක් හෝ ජීවිතයට දරා ගතනොහැකි දුකක් ඇතිවුවහොත් අපිට ජීවිතෙම එපා වී යන්නේ කාගෙවත් බලපෑමක් නිසා නොව... ඒ දුක අපිට දර ගත නොහැකි නිසා බව  මගේ මතයයි.



ඉපදීමට අකුරු හතරකි.
ආදරයට අකුරු හතරකි.
විවාහයට අකුරු හතරකි.
මරණයට අකුරු හතරකි.
ජීවිතයට ද අකුරු හතරකි.


විෂේශයි: මෙම ලිපිය දිහා බැලිය හැකි කෝණ බොහොමයක්වේ. මෙය මාගේ සිතට දැනුනු සිතිවිලි ගොණු කිරිමක් පමණි. 


මිතුරුදමත් ආදරෙන්.. ආදරයත් ආදරෙන්..

Friday, June 8, 2012

හැකිද විමසන්න
මිතුරුදම ගැන
ලොවේ සිටිනා..
කා ගෙන් හෝ...?


නොහැක පවසන්න
මිතුරුදමේ සීමාවන්..
ලොවේ සිටිනා..
කිසිවෙකුට...


කෙනෙකු සිටිනම්
දකින සීමාවන්
ලොවේ පවතින මිතුදමේ..

සදාකාලික
තනිකඩෙක් වෙයි..
කිසිවෙකුත් නැති
දිවි මංසලේ... 

මිතුරුදමවත්
ඉතුරු නොවෙවි
පෙරලුනොත් එය
ආදරේ ලෙස...

නමුත්...

ද්විපාර්ශික වේ නම්...
ඒ බව
හැකිය ආදරයවත්
ගන්න රඳවා
හිත නොරිද්ද ගෙන..

හැකිනම්
පිලිගන්න...
ඔබේ මිතුදම
ආදරේ ලෙස
නොපමාව
රැක ගන්න
මිතුදමත් ආදරෙන්
ආදරෙත් ආදරෙන්

නොහැකිනම්
පිලිගන්න...
ඔබේ මිතුදම
ආදරේ ලෙස
නොපමාව
පවසන්න
රැක ගන්න
මිතුදමත් ආදරෙන්
ජිවිතෙත් ආදරෙන්










හිමි කර ගැනිමද.....? අහිමි කරගැනිමද....?

Tuesday, June 5, 2012

අපිට අපේ ජිවිතේ වටිනාම දේවල් ගොඩක් තියෙනවා.... එහෙම නේද? පොඩි කාලෙදි ඉස්කෝලේ යන්න බෑ කියල අඬන අපි.... 10,11,12 සහ 13 පන්ති වලදි කොච්චර ආසාවෙන්ද ඉස්කෝලේ යන්නේ?...


ඒ වගෙමයි.... ටිකක් ලොකු වෙලා වයස 20, 22 වෙන කොට අපිට තෝර ගන්න වෙන ලොකුම දේ නිසා තවත් වටිනා දේවල් කොච්චර මග ඇරෙනවද කියල කල්පනා කලාම....


ආදරේදි අපිට හිත යන්න කෙනාටම අපේ දෙමව්පියන්ගෙත් හිත යනව නම්...


අපේ දෙමව්පියන් අපේ හොඳට කියලා තෝරලා දෙන කෙනාට අපේ කැමැත්ත ඇති වෙනවානම්....


ඔන්න ඔය ප්‍රශ්නේදි අපි කවුරුත් අසරණ වෙනවා...


ජිවිතේ... අපි තේරුම් ගන්න කොට ගොඩක් දෙවල් නිසා අපිට ජිවිතේ පසුතැවිමක් විතරක් ඉතිරි වුනොත්....




"එතනින් එහාට ගන්න හදන, ගත්තු තිරණ කවදාවත් අත හරින්නෙපා..."


"තමන්ගේ හිතේ ශක්තිය වෙනදටත් වැඩියෙන් ඇති කරගන්නෝනේ..."


"තමන්ගේ ආගම සිහිකරන්න."




මේ හැම දේම වෙන්නේ අපේ වටිනම තරුණ කාලයේදි කියන කාරණාව ඔයාලත් පිලිගනිවි කියල මම හිතනවා.


කැපවිමක් කරලා..... ජිවත් වෙනවද? මුරණ්ඩු වී.... එදවසට අතීතය අමතක කර ජිවත්වෙනවද?



"ලැබෙන දේට වඩා
නොලැබෙන දේ වැඩිය...
සිතන දේට වඩා
නොසිතන දේ වැඩිය..
සිනහවට වඩා
කඳුල වැඩිය...
සතුටට වඩා
දුක වැඩිය...
ආලෝකයට වඩා
අඳුරට වැඩිය..."


ඉතිං... හැකි පමණ අපි අපේ ජිවිත.... ප්‍රේහෙලිකාවන්ගෙන් තොරව ජිවත් කිරිමට වෙරදරමු.


විශේෂයි: 2නි පොස්ට් එකට ක්මෙන්ට්ස් දැම්ම හැම කෙනෙක්ටම ස්තුතියි! ඒ පොස්ට් නිසා මගේ බ්ලොග් එක වෙනස් වුනා... හිතුවට වැඩිය අහස ලස්සන වුනා. ස්තුතියි යාළුවනේ!