මිතුරුදමත් ආදරෙන්.. ආදරයත් ආදරෙන්..

Friday, June 8, 2012

හැකිද විමසන්න
මිතුරුදම ගැන
ලොවේ සිටිනා..
කා ගෙන් හෝ...?


නොහැක පවසන්න
මිතුරුදමේ සීමාවන්..
ලොවේ සිටිනා..
කිසිවෙකුට...


කෙනෙකු සිටිනම්
දකින සීමාවන්
ලොවේ පවතින මිතුදමේ..

සදාකාලික
තනිකඩෙක් වෙයි..
කිසිවෙකුත් නැති
දිවි මංසලේ... 

මිතුරුදමවත්
ඉතුරු නොවෙවි
පෙරලුනොත් එය
ආදරේ ලෙස...

නමුත්...

ද්විපාර්ශික වේ නම්...
ඒ බව
හැකිය ආදරයවත්
ගන්න රඳවා
හිත නොරිද්ද ගෙන..

හැකිනම්
පිලිගන්න...
ඔබේ මිතුදම
ආදරේ ලෙස
නොපමාව
රැක ගන්න
මිතුදමත් ආදරෙන්
ආදරෙත් ආදරෙන්

නොහැකිනම්
පිලිගන්න...
ඔබේ මිතුදම
ආදරේ ලෙස
නොපමාව
පවසන්න
රැක ගන්න
මිතුදමත් ආදරෙන්
ජිවිතෙත් ආදරෙන්










11 comments:

  1. මිතුරු දම් ආදරේකට පෙරළගන්න යන එක හරි අවදානම්. ඒක හරි ගියොත් එහෙමයි ඒ නැත්නම් මිතුරු දමත් නැහැ ආදරයත් නැහැ

  1. MR. KING said...:

    හොද උපදෙසක්....... :)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

  1. සඳු said...:

    @Hasitha
    ඔව් යාලුවේ! අද සමජය තුල ගොඩක් දුරට යාලුකම් නැතිවෙන ලොකුම කරුණ පිරිමි ළමයි ගැහැණු ළමයි අතරේ ඔන්න ඔය ප්‍රශ්නේ.

  1. සඳු said...:

    @අඩවි රජ:
    යහපති දේවයන් වහන්ස! තුති මල් මිටක් පිලිගන්නවන්න අවසර රජතුමනි!

  1. අනේ මන්ද ඉතින් මිතුරුදමකින් හරි වැඩේ පටන්ගත්තොත් පස්සේ පස්සේ ආදරයක් වෙනවා කියල තමයි දැනඋගත් පුද්ගලයෝ කියන්නේ
    කවිය ලස්සනය්..

  1. meegodaya said...:

    මිතුරන්ට ආදර වන්තයන් වියහැක... ඒහෙත් ආදරවන්තයන්ට මිතුරන් විය නොහැක

  1. Dinesh said...:

    වටින කියන උපදේසේ.. මාත් මේ, මේ ටිකේ ඔය ප්‍රශ්ණේ නිසාම ටිකක් කල්පනා කර කර ඉන්නේ මොකෝ කරන්නේ කියලා... :)

  1. ලොකු ප්‍රස්නයක් තමා ඕක .....

  1. සඳු said...:

    @පුබුදු: ඔව් ප්‍රායෝගිකව වෙනවා තමා පුබුදු. එත් ඒ දෙපැත්තෙන්ම හොඳට තේරුම්ගන්න ඕනේ.

    @Mee Godayaa:
    එහෙම්මම කියන්නත් බෑ නේද? ආදරේ කලත්... කැමැත්තෙන් වෙන්වුනොත් යාලුකමින් ඉන්න පුලුවන් වෙන්නෝනේ කියලයි මම නම් හිතන්නේ.. අහසට සාදරයෙන් පිළිගන්නවා!

    @Dinesh:
    යුවතියකට (යෙහෙළියකට)ඔබ ආදරේ නම් ඇයට
    පවසන්න...
    පැවසිමට අතපසුවේනම්
    ඇය ගැන නොසිතන්න..

    @රොබින්:
    වැඩිය හිතන්නම එපා... ඔයාටත් දිනේෂ් අය්යාට වගේ ලොකු ප්‍රශ්නයක්ද?

  1. හ්ම්ම්ම්ම්ම්ම්ම් අනී මන්ඩ තිං....ඔක හලිම ප්ලස්නයක් ටමයි....

  1. සඳු said...:

    @අග්නි ධාරා...
    අනේ..! ඔයාටත් ඒක පලස්නයක්ද?

Post a Comment