අකුරු සහ වචන හතරකි.... ජීවිතය

Wednesday, June 13, 2012


  1. ඉපදීම
  2. ආදරය
  3. විවාහය
  4. මරණය
  5. ජීවිතය


මදක් මේ වචන දිහා වුවමනාවකින් බලන්න. අකුරු හතරේ වචන පහක්. පළවෙනි වචන හතරේ එකතුවෙන් අවසාන වචනය හැදෙන්නේ. ඉතින් පොඩි වෙලාවක් අරන් කල්පනා කලොත් මේ වචන පහ නිසා කොච්චර දුකක් අපේ හදවතට දැනෙනවා ඇතිද...?යන්න ඔබට පසක් වනු නියතයි.


 බුදු දහමට අනුව ඉපදීම කියන්නේ දුක් කන්දරාවක උපත. ඒ දුක් වසන් කරගෙන...සීනි බෝල ජිවිතේක සැපයි සැපයි කියල ජීවත් වෙනවා. එහෙම නේද..?


 ආදරය ලෝකේ තියෙන්න මිහිරිම වචනය ලෙස හැමෝම හැඳින්වුවත්.. මම  කැමතියි ආදරේ කියන වචනෙට වෙනම අරුතක් දෙන්න. මං දන්නේ නෑ කී දෙනෙක් මගේ මතයට එකතු වෙයිද කියන්න.. ආදරේ කෙටියෙන්ම කිව්වොත් තියෙන්නේ වචන දෙකයි. එකක් දුක. අනික වේදනාව. හරියටම ආදරෙ කල කෙනෙක්ට ජිවිතේ දි ලැබෙන්නේ දුකත් වේදනාවත් විතරයි. පළමු ප්‍රේමය සාර්ථක වූවෝ ගණන් හැදුවොත් අතේ ඇඟිලි ගානටවත් හොයා ගන්න බැරි වේවි. අනෙක් සියල්ලන්ම තමන්ගේ ප්‍රථම ආදරය නිසාවෙන් දුකත් වේදනාවත් දරණ 99.99%ට අයත්.


 විවාහය සාර්ථක වීම රඳා පවතින්නේ දෙදෙනා තුල පවතින අවබෝධය නිසාවෙනි. පළමු පෙමෙන් දුකට පත් වූවකු තමන්ට විවාහයට ලැබෙන අයව තේරුම් ගත්තත් නිසි අවධනය දීමට නොහැකිව ලතවෙන පිරිස ගණන් හැදිය හැකිදැයි මොහොතකට සිතන්න.(අත්දැකීමක් නොමැති නිසාවෙන් වැඩි දුර විස්තර කිරීමට නොයමි.) 


මරණය ඇසිමටවත් අකමැති වචනයකි, මෙය අපේ බොහෝ දෙනා. නමුත් අනිවාර්යෙන් මුහුණ දිය යුතු... වැළැක්විය නොහැකි මෙය අපේ ජිවිත වලට ඇති කරන බලපෑම කොපමණද කියන්න අනවශ්‍යයි කියා සිතෙන්නේ මෙම ලිපිය කියවන ඕනෑම අයෙක් මෙම අවස්ථාවට මුහුණ දී ඇති නිසාවෙනි. 


ජීවිතය යනු ඉහත සඳහන් කල සියල්ලේම ප්‍රතිඵලයයි. එක් වරක් හෝ ජීවිතයට දරා ගතනොහැකි දුකක් ඇතිවුවහොත් අපිට ජීවිතෙම එපා වී යන්නේ කාගෙවත් බලපෑමක් නිසා නොව... ඒ දුක අපිට දර ගත නොහැකි නිසා බව  මගේ මතයයි.



ඉපදීමට අකුරු හතරකි.
ආදරයට අකුරු හතරකි.
විවාහයට අකුරු හතරකි.
මරණයට අකුරු හතරකි.
ජීවිතයට ද අකුරු හතරකි.


විෂේශයි: මෙම ලිපිය දිහා බැලිය හැකි කෝණ බොහොමයක්වේ. මෙය මාගේ සිතට දැනුනු සිතිවිලි ගොණු කිරිමක් පමණි. 


11 comments:

  1. අනගියි [මාත් අකුරු හතරකින් අගය කළා :D ]

  1. අපි ඉපදුන දා සිට පිළිතුරක් සෙවීමට උත්සාහ ගන්නා ප්‍රශ්ණය....

  1. සඳු said...:

    @Hasitha:
    ස්තූතියි! ඒත් වචන හතරයි නේ! :)

    @රොබින්:
    උත්තරයක් නැති ප්‍රශ්නක්!

  1. Dinesh said...:

    මේ හැම දෙයක් අතරෙම දුක සතුට දෝලනය වෙනවා.. ගොඩක් වෙලාවට දුක තමයි වැඩි වෙන්නේ..

    හිතන්න දෙයක් ඉතරු කරලා ලියන ලිපි වලට මම කැමතී.. අර කතාන්දරය එනකම් බලාගෙන ඉන්නවා..

  1. MR. KING said...:

    ෂාහ්....
    මාරයි....

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

  1. Anonymous said...:

    හ්ම්ම්....

  1. සඳු said...:

    @Dinesh:
    ම්හ්... දුක හඳුන ගන්න පුලුවන් අයට ඕනේම දෙයක් ලබගන්න ලේසියි. ඒ කතාව ගොඩක් වෙනස් වුනා.. පුලුවන් ඉක්මනටම දාන්නම්කෝ..

    @අඩවි රජ:
    ස්තූතියි.. රජතුමනි!

    @හිරුහිමාවී:
    සිතන්න දෙයක් ඔයාටත් තියෙන්න ඇති මං හිතන්නේ..?

  1. Anonymous said...:

    අනේ මන්දා මම නම් කැමති ගොඩක් ලොකු වචන වල තේරුම් හොයන් නැතුව මගේ ජිවිතේ සරලව විදින්න.. එ වගේම වේදනාව දෙන තැන්වලින් ඇත් වෙන එකම හොදයි කියලා හිතලා මම හිත ගලක් කරගෙන සමහර අයගෙන් ඇත් වෙනව..සමාහ්‍ර විට මගේ අම්මා තාත්තාගෙන් උනත්..මට ඔනි නැ සරල කමෙන් ඇත් වෙන්න ..එ සරල කමට මම ආදරෙයි..ඇත්ත ..ඉපදුනා මැරෙනවා..ඕව්ව හැමෝටම පොදුයි..එත් එව්වා ගැන හිතන් නැතුව එ කාලෙත් සතුටින් ඉන්න පුලුවන් නම් නේද සඳු...

    අදයි ඔන්න අහසට ගොඩ උනේ..ආයේ එන්නම් හොදේ ..

  1. සඳු said...:

    සාදරයෙන් අහසට පිළිගන්නවා! එකනේ ජිවිතේ අතේ ඇඟිලි වගේම වෙනස් නේ.. ස්තූතියි!

  1. කලකිරිලද..?? ජීවිතය....!!
    ඔයාගෙ විස්තර වල අඩුවක් තියනවනෙ...පොඩ්ඩක් හොයල බලන්න..

  1. සඳු said...:

    @වීපොකුර:
    ස්තූතියි මේ පැත්තට ආවට! බලමු... කල්පන කරල මග ඇරුනේ මොනවද කියල..

Post a Comment