හිමි කර ගැනිමද.....? අහිමි කරගැනිමද....?

Tuesday, June 5, 2012

අපිට අපේ ජිවිතේ වටිනාම දේවල් ගොඩක් තියෙනවා.... එහෙම නේද? පොඩි කාලෙදි ඉස්කෝලේ යන්න බෑ කියල අඬන අපි.... 10,11,12 සහ 13 පන්ති වලදි කොච්චර ආසාවෙන්ද ඉස්කෝලේ යන්නේ?...


ඒ වගෙමයි.... ටිකක් ලොකු වෙලා වයස 20, 22 වෙන කොට අපිට තෝර ගන්න වෙන ලොකුම දේ නිසා තවත් වටිනා දේවල් කොච්චර මග ඇරෙනවද කියල කල්පනා කලාම....


ආදරේදි අපිට හිත යන්න කෙනාටම අපේ දෙමව්පියන්ගෙත් හිත යනව නම්...


අපේ දෙමව්පියන් අපේ හොඳට කියලා තෝරලා දෙන කෙනාට අපේ කැමැත්ත ඇති වෙනවානම්....


ඔන්න ඔය ප්‍රශ්නේදි අපි කවුරුත් අසරණ වෙනවා...


ජිවිතේ... අපි තේරුම් ගන්න කොට ගොඩක් දෙවල් නිසා අපිට ජිවිතේ පසුතැවිමක් විතරක් ඉතිරි වුනොත්....




"එතනින් එහාට ගන්න හදන, ගත්තු තිරණ කවදාවත් අත හරින්නෙපා..."


"තමන්ගේ හිතේ ශක්තිය වෙනදටත් වැඩියෙන් ඇති කරගන්නෝනේ..."


"තමන්ගේ ආගම සිහිකරන්න."




මේ හැම දේම වෙන්නේ අපේ වටිනම තරුණ කාලයේදි කියන කාරණාව ඔයාලත් පිලිගනිවි කියල මම හිතනවා.


කැපවිමක් කරලා..... ජිවත් වෙනවද? මුරණ්ඩු වී.... එදවසට අතීතය අමතක කර ජිවත්වෙනවද?



"ලැබෙන දේට වඩා
නොලැබෙන දේ වැඩිය...
සිතන දේට වඩා
නොසිතන දේ වැඩිය..
සිනහවට වඩා
කඳුල වැඩිය...
සතුටට වඩා
දුක වැඩිය...
ආලෝකයට වඩා
අඳුරට වැඩිය..."


ඉතිං... හැකි පමණ අපි අපේ ජිවිත.... ප්‍රේහෙලිකාවන්ගෙන් තොරව ජිවත් කිරිමට වෙරදරමු.


විශේෂයි: 2නි පොස්ට් එකට ක්මෙන්ට්ස් දැම්ම හැම කෙනෙක්ටම ස්තුතියි! ඒ පොස්ට් නිසා මගේ බ්ලොග් එක වෙනස් වුනා... හිතුවට වැඩිය අහස ලස්සන වුනා. ස්තුතියි යාළුවනේ!







15 comments:

  1. "ලැබෙන දේට වඩා
    නොලැබෙන දේ වැඩිය...
    සිතන දේට වඩා
    නොසිතන දේ වැඩිය..
    සිනහවට වඩා
    කඳුල වැඩිය...
    සතුටට වඩා
    දුක වැඩිය...
    ආලෝකයට වඩා
    අඳුරට වැඩිය..."
    ලස්සන අදහසක්,
    " 10,11,12 සහ 13 පන්ති වලදි කොච්චර ආසාවෙන්ද ඉස්කෝලේ යන්නේ?..."
    මමත් යනවා තාම ආසාවෙන් ඉස්කෝලේ

  1. Dinesh said...:

    ප්‍රෙහෙලිකාවකින් තොරව ජීවත් වෙන්න වෙරදරමු කිවුවට සමහර අවස්ථා වල ජීවිතේ ප්‍රෙහෙලිකාවක් වෙන එක නවත්තන්න හරි අමාරුයි.. කාලයත් එක්ක ගන්න තීරණ එක්ක ඒ දේ නවත්තන්න අපිට ටිකක් අමාරුයි.. එකම දේ ප්‍රෙහෙලිකාව තවත් අවුල් වෙන විදිහේ තීරණ නොගන්න එක...

  1. සඳු said...:

    @පුබුදු: ඒ අදහස ලස්සනයි වගේම ඒකේ යථාර්තය බුදු දහමට අනුව අනිත්‍ය නේද... පුබුදු?
    පාසල් කාලය සතුටින් හොඳින් ගත කරන්න... ජිවිතේ වටිනම දේ...

  1. සඳු said...:

    @Dinesh
    ඔව් අය්යා... ජිවිතේ වෙනස් කරන්න බලන් ඉන්න කාලය නිසා තමා ප්‍රෙහේලිකා ඇතිවෙන්නේ.... අදාල කොටුව හරියටම පිරෙව්වොත් ගන්න තිරණ වරදින එකක් නෑ.

  1. "ලැබෙන දේට වඩා
    නොලැබෙන දේ වැඩිය...
    සිතන දේට වඩා
    නොසිතන දේ වැඩිය..
    සිනහවට වඩා
    කඳුල වැඩිය...
    සතුටට වඩා
    දුක වැඩිය...
    ආලෝකයට වඩා
    අඳුරට වැඩිය..."

    මම නම් හිතන්නේ මේක අපේ ආකල්ප නිසා ඇති වුන දෙයක්.. හැම සතුටක්ම සතුටක් කියලා දැනෙන්නේ දුක අපි විඳලා තියෙන නිසා,
    හැම ලැබීමක්ම ලැබීමක් කියලා දැනෙන්නේ අපි අහිමිවීම් ලබලා තියෙන නිසා,
    හැම සිනහවක්ම අපි උපරිමෙන් විඳින්නේ එක වතාවක් හරි අපේ ඇස් වලින් දෝරේ ගලලා ගිය කඳුළු නිසා.

    අනේ මම කලින් එකේ දාපු කමෙන්ට් එක නෑනේ... :(

  1. Ru_Sirini said...:

    //අපේ දෙමව්පියන් අපේ හොඳට කියලා තෝරලා දෙන කෙනාට අපේ කැමැත්ත ඇති වෙනවානම්....//
    දෙමාපියන්ට හොඳම දේ තෝරලා දෙන්න පුළුවන් කියලා කියන බොරුව අපි තවත් විශ්වාස කරන්නේ ඇයි කියලා මම තාමත් හිතනවා..

  1. MR. KING said...:

    හද අක්කා දැන් දිගටම ලියනවද?
    ඔන්න මම ඔයාව මගේ බොග රෝලට දාගන්නවා ඈ... :-)

    සුභ වේවා!!! රාජ සමිපත් ලැබේවා!!!

  1. සඳු said...:

    @රූ....
    ඒ කියන්නේ.. ඔයා ඒ කාරණාව ගැන ගොඩක් දේවල් දන්න බවයි.. ඒක පවුල් පරිසරය අනුව වෙනස් වෙනව කියලයි මට නම් හිතෙන්නේ... ඔයාගේ කමෙන්ට්ස් වලට ස්තූතුයි! මගේ එක සිතුවිල්ලක් වෙනස් උනා.

    @ප්‍රාර්ථනා:
    නැතිවෙන්න බෑ.... ප්‍රාර්ථනා අක්කේ.. මම දැන් දෙතුන් වතාවක් බැලුවා. :( ආයේ බලන්නම්. ආකල්ප නිසා දෙයක් හඳුන ගන්න හැකිවෙනවා නේද... ඉක්මනටම?

    @අඩවි රජ:
    එසේය රජතුමනි! ඉදිරියටත් ලිවිමට සිතක් පහල වී ඇත... ඔබගේ බ්ලොග් රෝලට මා ඇතුලත් කර ගැනීම පිලිබඳ මා ඉතාමත් සතුටු වෙමි. කිමද.... එය තහනම් කලාපයක් බැවින්!

  1. "ලැබෙන දේට වඩා
    නොලැබෙන දේ වැඩිය...
    සිතන දේට වඩා
    නොසිතන දේ වැඩිය..
    සිනහවට වඩා
    කඳුල වැඩිය...
    සතුටට වඩා
    දුක වැඩිය...
    ආලෝකයට වඩා
    අඳුරට වැඩිය..."


    හ්ම්ම්ම්ම්ම්ම් ඇත්තම ඇත්ත අක්කියෝ......

  1. සෑහෙන වටිනා යමක් තියෙන ලිපියක් ...

  1. සඳු said...:

    @අග්නි ධාරා...:අපි ඒ ඇත්තට බය නැතිව මුහුණ දෙමු.

    @රොබින්:
    වටින දෙයක් මගේ ලිපියෙන් ලැබුණා කියන්නේ මාව තවත් ලිපියක් ලියන්න දිරිමත් වීමක්!

  1. ජිවිතේ ලැබිම් නොලැබීම් ගැනනම් හොඳට දැනෙනවා සඳු..අහම්බෙන් අහසට ගොඩවැදුනේ..ආයෙමත් එන්නම්කෝ අහසට සඳ බලලා යන්න....

  1. සඳු said...:

    @සිතුවිලි දැහැන
    ස්තූතියි මේ පැත්තට ආවට! සාදරයෙන් පිළිගන්නවා!

  1. හැමදේම හැම මනුස්සයාටම ළඟා කරගන්න බැහැ වගේම එක මනුස්සයෙක්ටත් හැම දේම ලැබෙන්නේ නැහැ

  1. සඳු said...:

    @Hasitha
    ම්ම්.... හොඳ තර්කයක්!

Post a Comment