ජීවිතය

Wednesday, May 30, 2012



ජීවිතය,
විටෙක...
ගලා යන ගඟකි.
තැනිතලා ඇත.
වංගු ඇත.
ජීවිතය
විටෙක...
සුලඟක් වැනිය.
‍යන්නෙ කොහාටද අපි ද නොදනිමු.
ජීවිතය
විටෙක...
අරුත් බර කවියකි.
අරුත් නොමැති කවියකි.
තෙරුම සිතා ගත නොහැකි කවියකි.
ජීවිතය...
අපි තේරුම් ගත යුතුද?
අපිට තේරුම් කල යුතුද?




මෙය මාගේ දෙවන ඉදිරිපත් කිරිමයි. ඔබගේ අදහස් මට වඩාත් ප්‍රයෝජනවත් වන බව ඉතා සතුටින් දැනුම් දෙමි.








11 comments:

  1. Dinesh said...:

    මේ බැක්ග්‍රවුන්ඩ් එකේ මේ අකුරු පාට එක්ක කියවන්න අමාරුයි සඳූ.. එක වෙනස් කරමු නේ..

  1. ජීවිතය... හ්ම්ම්... මට නම් ප්‍රෙහේලිකාවක්...
    අකුරු වල පාට වෙනස් කරොත් හොඳයි යාළු... backgroud එක නිල් නිසා අකුරුත් කළු වුනාම බලන කෙනාගේ ඇස් වලට අමාරුයි. පුළුවන් නම් වෙන ලා පාටක background එකක් දාන්න.. අකුරු ටිකක් ලොකු කරන්න. එතකොට ගොඩාක්ම පැහැදිලියි..

  1. ලස්සන නිසඳැසක් සඳු අක්කේ ;)

  1. සඳු said...:

    එහෙමයි යාලු.... ඒ විදියටම කලා.... ගොඩක් ස්තුතියි, කමෙන්ට්ස් වලට..

  1. සඳු said...:

    ඔන්න කිව්ව විදියටම කලා.... ඔයා මුහුන දුන්න අපහසුතාවයට මම සමාව ඉල්ලන්න කැමති.

  1. සඳු said...:

    ස්තුතියි මල්ලියා....

  1. අරුතක් නොමෙති ජීවිතයට අරුත් බර නෙක මල් එකතු කීරීමේ සුන්දර අසුන්දර වගකීම අප සතුය .... ලස්සන කවක්

  1. සඳු said...:

    @සචිත්... ස්තුතියි! මේ පැත්තට ආව පලවෙනි වතාව නේද?

  1. අපි මුලින ජීවත් වෙමු. ඊට පස්සෙ අනිත් ඒවා

  1. සඳු said...:

    @Hasitha
    ඔයා හරි.. සාදරයෙන් අහසට පිළිගන්නවා!

Post a Comment