පමා වුණෙමි..

Sunday, June 8, 2014
යන්න හදන හිත නවතා...
ඉන්න පතන..
කුමරා ඔබයි...
මගේ හදවතේ...

ඔබම සොයා ඇවිත්..
කියන දේ..
හදවත පිළිගන්න..
කැමතියි..

ඒත්..

පවසන්නේ..
කොහොමද..
වෙන අයෙකුට අයිති වෙලා..
යන්න හැදුව කෙනෙක් කියලා..

ආසයි...
කතා කරන්න...
හිනා වෙන්න..
කවුරු නැතත්..
ඔබ හිටියොත්...

ඒත්..

අද කෝ ඔබ..
දෑස රිදෙන තුරු බලා සිටියා..
ඔබ ඇවිත් ගියාද....??

මා එනතුරු 
සිටියාද....??
පමා වූයේ..
මම ද...???

නැවත කවදා...
හමු වේ දැයි....
මම නොදනිමි..

එතෙක්...

මම මග බලමි..
ඔබ මා සොයා එන තුරා..













2 comments:

  1. Dinesh said...:

    පමා වුනානම් දැන් මඟ බලන් ඉදලා වැඩක් නෑ නඟෝ..

  1. සඳු said...:

    ඒකනේ කියන්නේ.. පමා වීම මගේ ජාතික පුරුද්දක් වෙලා නේ...

Post a Comment