හැකිද විමසන්න
මිතුරුදම ගැන
ලොවේ සිටිනා..
කා ගෙන් හෝ...?
නොහැක පවසන්න
මිතුරුදමේ සීමාවන්..
ලොවේ සිටිනා..
කිසිවෙකුට...
දකින සීමාවන්
ලොවේ පවතින මිතුදමේ..
සදාකාලික
තනිකඩෙක් වෙයි..
කිසිවෙකුත් නැති
දිවි මංසලේ...
මිතුරුදමවත්
ඉතුරු නොවෙවි
පෙරලුනොත් එය
ආදරේ ලෙස...
නමුත්...
ද්විපාර්ශික වේ නම්...
ඒ බව
හැකිය ආදරයවත්
ගන්න රඳවා
හිත නොරිද්ද ගෙන..
හැකිනම්
පිලිගන්න...
ඔබේ මිතුදම
ආදරේ ලෙස
නොපමාව
රැක ගන්න
මිතුදමත් ආදරෙන්
ආදරෙත් ආදරෙන්
නොහැකිනම්
පිලිගන්න...
ඔබේ මිතුදම
ආදරේ ලෙස
නොපමාව
පවසන්න
රැක ගන්න
මිතුදමත් ආදරෙන්
ජිවිතෙත් ආදරෙන්
මිතුරු දම් ආදරේකට පෙරළගන්න යන එක හරි අවදානම්. ඒක හරි ගියොත් එහෙමයි ඒ නැත්නම් මිතුරු දමත් නැහැ ආදරයත් නැහැ