අපිට අපේ ජිවිතේ වටිනාම දේවල් ගොඩක් තියෙනවා.... එහෙම නේද? පොඩි කාලෙදි ඉස්කෝලේ යන්න බෑ කියල අඬන අපි.... 10,11,12 සහ 13 පන්ති වලදි කොච්චර ආසාවෙන්ද ඉස්කෝලේ යන්නේ?...
ඒ වගෙමයි.... ටිකක් ලොකු වෙලා වයස 20, 22 වෙන කොට අපිට තෝර ගන්න වෙන ලොකුම දේ නිසා තවත් වටිනා දේවල් කොච්චර මග ඇරෙනවද කියල කල්පනා කලාම....
ආදරේදි අපිට හිත යන්න කෙනාටම අපේ දෙමව්පියන්ගෙත් හිත යනව නම්...
අපේ දෙමව්පියන් අපේ හොඳට කියලා තෝරලා දෙන කෙනාට අපේ කැමැත්ත ඇති වෙනවානම්....
ඔන්න ඔය ප්රශ්නේදි අපි කවුරුත් අසරණ වෙනවා...
ජිවිතේ... අපි තේරුම් ගන්න කොට ගොඩක් දෙවල් නිසා අපිට ජිවිතේ පසුතැවිමක් විතරක් ඉතිරි වුනොත්....
"එතනින් එහාට ගන්න හදන, ගත්තු තිරණ කවදාවත් අත හරින්නෙපා..."
"තමන්ගේ හිතේ ශක්තිය වෙනදටත් වැඩියෙන් ඇති කරගන්නෝනේ..."
"තමන්ගේ ආගම සිහිකරන්න."
මේ හැම දේම වෙන්නේ අපේ වටිනම තරුණ කාලයේදි කියන කාරණාව ඔයාලත් පිලිගනිවි කියල මම හිතනවා.
කැපවිමක් කරලා..... ජිවත් වෙනවද? මුරණ්ඩු වී.... එදවසට අතීතය අමතක කර ජිවත්වෙනවද?
"ලැබෙන දේට වඩා
නොලැබෙන දේ වැඩිය...
සිතන දේට වඩා
නොසිතන දේ වැඩිය..
සිනහවට වඩා
කඳුල වැඩිය...
සතුටට වඩා
දුක වැඩිය...
ආලෝකයට වඩා
අඳුරට වැඩිය..."
ඉතිං... හැකි පමණ අපි අපේ ජිවිත.... ප්රේහෙලිකාවන්ගෙන් තොරව ජිවත් කිරිමට වෙරදරමු.
විශේෂයි: 2නි පොස්ට් එකට ක්මෙන්ට්ස් දැම්ම හැම කෙනෙක්ටම ස්තුතියි! ඒ පොස්ට් නිසා මගේ බ්ලොග් එක වෙනස් වුනා... හිතුවට වැඩිය අහස ලස්සන වුනා. ස්තුතියි යාළුවනේ!
"ලැබෙන දේට වඩා
නොලැබෙන දේ වැඩිය...
සිතන දේට වඩා
නොසිතන දේ වැඩිය..
සිනහවට වඩා
කඳුල වැඩිය...
සතුටට වඩා
දුක වැඩිය...
ආලෝකයට වඩා
අඳුරට වැඩිය..."
ලස්සන අදහසක්,
" 10,11,12 සහ 13 පන්ති වලදි කොච්චර ආසාවෙන්ද ඉස්කෝලේ යන්නේ?..."
මමත් යනවා තාම ආසාවෙන් ඉස්කෝලේ